අත්තනෝමතික දේශපාලන තීරණයක් උඩ ලංකාවට ගෙන්වපු මේ M9 කියන්නේ ලොකු ආන්දෝලනයක් ඇති කරපු අධි තාක්ෂණික එන්ජිමක්. 1997 දී ප්‍රංශයේ Alstom සමාගමට දුන්නු ඇණවුමකට අනුව මේ M9 එන්ජින් 10ක් ලංකාවට එන්නේ 2000 අවුරුද්දෙදි.
මේ M9 වලට යොදාගෙන තිබුනු RUSTON එන්ජිම දුම්රියක් සඳහා යොදාගෙන තිබුනේ මුල්ම වතාවට. ඊට කලින් මේක පාවිච්චි කරලා තිබුණේ නාවික යාත්‍රා වලට විතරයි. දුම්රියක් සඳහා මේ එන්ජිම යොදාගැනීම කොච්චර දුරට සුදුසුද කියන එක ගැනවත් හරි හැටි අධ්‍යයනයක් වත් කෙරිලා තිබුණේ නෑ ඒ කාලය වෙනකොට. ඒ වගේම ලංකාවේ දුම්රිය මාර්ග පද්ධතියට කිසිම විදියකට නොගැලපෙන සංවේදක මගින් ක්‍රියාත්මක වෙන පරිගණක පද්ධතියක් හරහා ක්‍රියාත්මක වෙන එන්ජිමක් වුන මේ M9 ලංකාවට ගෙන්වීම සුදුසු නෑ කියලා දෙස් විදෙස් දුම්රිය විශේෂඥයින් අනාවැකි කිව්වේ මේවා ගෙන්වන්න සැලසුම් කරන කාලයේදීමයි. ඒවාට හේතු වශයෙන් ඒ අය කියල තිබුනේ මේවා නඩත්තු කිරීම අධික වියදමක් සහිත වෙන ලේසි පහසු වැඩක් නොවෙන බවක් වගේම ඒ සඳහා ඕන කෙරෙන තාක්ෂණික දැනුම සහ උපකරණ ලංකාවේ නෑ කියන එකත් එක්කම ලංකාවේ මාර්ග පද්ධතියටත් මේකෙ තියන තාක්ෂණය ගැලපෙන්නෙ නෑ කියලයි. ඒ කොහොම වුනත් ඒ වෙනකොට තිබුණ දේශපාලන නායකත්වයක අවශ්‍යතාවයකට අනුව ගත්ත අත්තනෝමතික තීරණයකට යටත්ව 864 ඉඳලා 873 දක්වා අංකනය කෙරුණු M9 එන්ජින් 10ක් ලංකාවට ගෙන්වනවා. Windows CE මෙහෙයුම් පද්ධතියෙන් ක්‍රියාත්මක කෙරුණු පරිගණක පද්ධතියක් හරහා තමයි මේ ලොකෝ එකේ පාලන කටයුතු සිදු කෙරුනේ. දුම්රිය ගමන් කරන වේගය ආදිය පෙන්නුම් කෙරුනේ LCD තිරයක් මත. මෙය ධාවනය කිරීමේදී මාර්ගයේ තත්වය අනුව වේගය අඩු වැඩි කිරීමට වගේම ඒ ඒ තත්වයන්ට ගැලපෙන විදියට ඉන්ධන සැපයුමත් පාලනය කරලා උපරිම ඉන්ධන පිරිමැසුමක් අත්කර දීමට, එන්ජිම රත් වෙන ආකාරය අනුව එහි ක්‍රියාකාරීත්වය සහ වේගය වෙනස් කරලා එන්ජිමේ උෂ්ණත්වය පාලනය කර ගැනීමට, වැනි දේවල් ස්වයංක්‍රීයව පාලනය වෙන විදියේ සංවේදක උපකරණ වලින් පවා මේ ලොකෝමෝටිව් එක සන්නද්ධයි. පරිගණක පද්ධතියේ උෂ්ණත්වය පාලනය කරගැනීමේ අරමුණින් යුතුව තිබුණු A/C පද්ධතිය ලංකාවට ගෙන ඒමෙන් පසුව ඉවත් කෙරෙනවා. ඒ හේතුවෙන් මේ පරිගණක පද්ධතියට හානි පැමිනෙන්නට ඇති. ඒ එක්කම ලංකාවේ මාර්ගවල තියෙන යම් යම් දුර්වලතා නිසා සංවේදක මගින් වේගය පාලනය කිරීමත් එතරම් සාර්ථක දෙයක් නොවූ නිසාවෙන් එම සංවේදකත් ගලවා ඉවත් කිරීමක් හෝ පද්ධතියෙන් විසන්ධි කිරීමක් සිදු කෙරුණා. එමෙන්ම ලංකාවේ දේශගුණයට නොගැලපෙන ආකාරයට සම්පූර්ණයෙන්ම ආවරණය වූ එන්ජිමක් පැවති නිසා එහි තාපය පිටතට ගලා යාම වැලකීම නිසා එන්ජිම අධික ලෙස රත් වීමේදී උෂ්ණත්වය පාලනය කිරීම සඳහා ක්‍රියාකාරීත්වය හා වේගය ස්වයංක්‍රීයව අඩාල කිරීම නිසා ධාවනයට බාධා පැමිණීම නිසා එම සංවේදක වලටද අත්වූයේ පෙර කී ඉරණමමයි. පසුව එන්ජින් රත් වීම පාලනය කිරීමට රේඩියේටර් සවි කෙරුණු බවකුත් කියවෙනවා. ඒවා කොතරම් දුරට සාර්ථකද යන්න මම නොදනිමි. කොහොම වුනත් මේ සිදු කරපු වෙනස්කම් නම් පරිගණක පද්ධතියට ඔරොත්තු නොදෙන්න ඇති. ඒ හින්දම විවිධ අනපේක්ෂිත ගැටලු වලට ලක් වෙන්න ගත්තා මේ M9 ඇණියේ සාමාජිකයන්. දිගින් වැඩි බොගි එකයි මේකෙ තිබුන Co-Co ආකාරයේ axle arrangement එකයි එක්ක ප්‍රධාන මාර්ගයේ නාවලපිටියෙන් එහාට යන එක සාර්ථක වුනේ නෑ. ලොකු වංගුවලදී රේල් පාරට හානි වුනා වගේම මේවා නිතර නිතර පීලි පනින්නත් පටන් ගත්තා. උතුරු, ත්‍රිකුණාමල, මන්නාරම්, මඩකලපු, මුහුදුබඩ මාර්ග වල නම් ධාවනයට ගැටලුවක් වුනේ නෑ. තියුණු වංගු තියන කැලණි වැලි මාර්ගයටත් මෙයා සුදුසු වුනේ නෑ. මේ වගේ තව විවිධ ගැටලු හින්දා M9 එකින් එක ධාවනයෙන් අයින් කරන්න දුම්රිය දෙපාර්තමේන්තුවට සිද්ධ වෙන අතරේ 2009.06.04 වෙනිදා අනුරාධපුරේට තෙල් කෝච්චියක් අරන් ගියපු 868 තලාවෙදි ගිනි අරන් භාවිතයෙන් අයින් කරෙන්න වෙන තරමටම ඩැමේජ් වුනා. ඒ අයින් කරන ලොකෝ වලින් හොඳ තත්වයේ කොටස් අරගෙන අනික් ධාවන මට්ටමේ තිබුණ ඒවා නඩත්තු කරන්න පාවිච්චි කෙරුණා.
| ඒ විදියට ධාවනයෙන් අයින් කරපු ලොකෝ වල හොඳ කොටස් අරගෙන ධාවන මට්ටමේ තියන ඒවා නඩත්තු කරන එක වුනත් දිගටම සාර්ථක නොවුනේ ඒ ලොකෝ වලත් නිතර නිතර එක එක විදියේ දෝෂ එන්න ගත්ත හින්දා. 2017 අවුරුද්දෙදි ඉන්දියානු සමාගමක් වුන medha සමාගමට මේ M9 867 සහ 866 ලොකෝමෝටිව් දෙක බාර දෙන්නේ එයාලගෙ controlling system එකකින් මේ දෙන්නව බලගන්වන්න. ඒ එක්කම පරිගණක මෙහෙයුම් පද්ධතියට windows 7 යොදාගනිද්දී පුරුදු තේමාවට වඩා වෙනස් වර්ණ තේමාවකින් වර්ණ ගැන්විලා තමයි මේ දෙන්නා එලියට ආවේ. |
ඉහල රූපයෙන් නව වර්ණ තේමාව සහ පහළ රූපයෙන් පැරණි වර්ණ තේමාව (උපුටා ගැනීම – Ceylon Government Railway Magazine ෆේස්බුක් පිටුවෙන්) |
0 Comments